ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Wednesday, 22 June 2022 - 7:14 | Views - 325
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට අද (22) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
වයඹ පළාතේත් ගම්පහ, කොළඹ, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි යි.
යාපනය දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති වනු ඇති.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article