භාණ්ඩ රැසක මිල ගණන් යලිත් ඉහළට
Tuesday, 21 June 2022 - 15:46 | Views - 1,402
වෙළඳපලේ ඇසුරුම් කරන ලද භාණ්ඩ රැසක මිල ගණන් යලි ඉහළ දමා තිබෙනවා.

එදිනෙදා භාවිතයට ගන්නා සබන්, දත් බෙහෙත්, බිස්කට් වර්ග හා නුඩ්ලස් ඇතුළු තවත් භාණ්ඩ රැසක මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ.

මීට සති 2කට පමණ පෙර රුපියල් 135 ක් පමණ මිලක පැවති ඇඟ ගල්වන සබන් කැටයක මිල මේ වනවිට රුපියල් 185 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම දෛනිකව භාවිතයට ගැනෙන දත් බෙහෙත් මධ්‍යම ප්‍රමාණයේ පැකට්ටුවක මිල ද රුපියල් 185 දන්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි ග්‍රෑම් 160ක් බරැති විශාල ප්‍රමාණයේ දත් බෙහෙත් පැකැට්ටුවක මිල ද රුපියල් 310 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් කළේ.

මීට අමතරව, කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවල කුලී නිවාසවල රැදී සිටින පුද්ගලයින් වැඩි වශයෙන් ආහාරයට ගන්නා කුඩා ප්‍රමාණයේ ක්ෂණික නුඩ්ලස් පැකැට්ටුවක මිල රුපියල 120 දක්වා ඉහළ ගොස් ඇති අතර එය මීට පෙර පැවතියේ රුපියල් 55ත් 60ත් අතර මිලකටයි. එමෙන්ම බිස්කට් වර්ග වල මිල ගණන් ද යලිත් වරක් ඉහළ දමා තිබෙනවා.

ග්‍රෑම් 75 ක කුඩා ප්‍රමණයේ බිස්කට් පැකැට්ටුවක් මීට පෙර අලෙවි වූයේ රුපියල් 60කට වන අතර එය මේ වනවිට රුපියල් 80ත් 120ත් අතර මිලකට අලෙවි වනවා.

ග්‍රෑම් 400 මධ්‍යම ප්‍රමාණයේ ඇතැම් බිස්කට් ඇතැම් බිස්කට් වර්ගවල මිල රුපියල් 450 ඉක්මවා ඇති බවටයි වාර්තා වන්නේ.

මීට අමතරව එළවළු මිලගණන් ඉහළයාමත් සමඟ ජනතාව වැඩි වශයෙන් මිලදි ගත් සෝයා පැකට්ටුවක මිල ද රුපියල් 110ත් 130ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී, සහල් කර පාලන මිලට වඩා අඩුවෙන් එළඹෙන සතියේ සිට කොළඹ නගරයේ ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා.

පී.එම්.බී රයිස් වෙළඳ නාමය යටතේ ඒවා අලෙවි කරනු ලබන්නේ කිලෝග්‍රෑම් 5 සහ දහයේ ඇසුරුම් ලෙසයි.

මේ අතර, දැඩි අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 5යි දශම 7යි 5ක තවත් මානුෂීය ආධාර ලබා දීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, කෘෂිකාර්මික, කුඩා පරිමාණ ව්‍යාපාර කේන්ද්‍ර කරගනිමින් මෙම ආධාර ලබා දෙන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top