හිටපු ඇමති ජොන්ස්ටන් ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Tuesday, 21 June 2022 - 14:45 | Views - 385
පසුගිය මැයි මස 9 වැනිදා කොළඹ ගාලු මුවදොර අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට එල්ල කෙරුණු ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වලක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ ඉල්ලීම අද අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ එම ඉල්ලීම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල විසින් අද සළකා බැලූනු අවස්ථාවේදීයි.
පසුගිය මැයි මස 9 දා ගාලු මුවදොර කලහාකාරී සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වන විටත් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.
මෙම සිද්ධීන් සම්බන්දයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 10 වැනිදා අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබුවා.
මේ අනුව 10 වනදා අධිකරණය විසින් නිකුත් කළ විවෘත වරෙන්තුව බලාත්මක වනු ඇති.
Share This Article