හිටපු ඇමති ජොන්ස්ටන් ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Tuesday, 21 June 2022 - 14:45 | Views - 386
පසුගිය මැයි මස 9 වැනිදා කොළඹ ගාලු මුවදොර අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට එල්ල කෙරුණු ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වලක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ ඉල්ලීම අද අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ එම ඉල්ලීම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල විසින් අද සළකා බැලූනු අවස්ථාවේදීයි.

පසුගිය මැයි මස 9 දා ගාලු මුවදොර කලහාකාරී සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වන විටත් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.

මෙම සිද්ධීන් සම්බන්දයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 10 වැනිදා අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබුවා.

මේ අනුව 10 වනදා අධිකරණය විසින් නිකුත් කළ විවෘත වරෙන්තුව බලාත්මක වනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top