සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මෙම සතිය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳව අද සභාව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කතානායකවරයාට දැනුම් දෙනු ලැබුවා.
නව ආණ්ඩුව පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා කරමිනුයි මෙලෙස ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇත්තේ.
එසේම ජනපති අගමැති බල අරගලය මිස වෙනත් කිසිදු දෙයක් සිදු නොවෙන බවට සඳහන් කළ මන්ත්‍රී අනුර ද පවසා සිටියේ තම පක්ෂයද මැති සබය වර්ජනය කරන බවයි.
මේ අතර, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බවයි කතානායකවරයා කියා සිටියේ.