අනුර - සජිත් පිරිස මැතිසබය සතියක් වර්ජනය කරයි (Video)
Tuesday, 21 June 2022 - 11:51 | Views - 348
සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මෙම සතිය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව අද සභාව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කතානායකවරයාට දැනුම් දෙනු ලැබුවා.

නව ආණ්ඩුව පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා කරමිනුයි මෙලෙස ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇත්තේ.

එසේම ජනපති අගමැති බල අරගලය මිස වෙනත් කිසිදු දෙයක් සිදු නොවෙන බවට සඳහන් කළ මන්ත්‍රී අනුර ද පවසා සිටියේ තම පක්ෂයද මැති සබය වර්ජනය කරන බවයි.

මේ අතර, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බවයි කතානායකවරයා කියා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top