ලබන 24 වැනිදා පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ?
Tuesday, 21 June 2022 - 11:17 | Views - 2,407
ලබන 24 වැනිදා පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ආරංචි මාර්ග සඳහන් කළේ, අදාළ නෞකාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගෙන ඒමට නියමිත බවයි.
මේ අතර, ලබන 28 වැනිදා තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟා වන බවට විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මීට පෙර සඳහන් කර සිටියා.
කෙසේ වෙතත්, ඉන්ධන අපේක්ෂාවෙන් මේ වන විටත් ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටින අතර ඉන්ධන ගැටලුවට නිසි පිළිතුරක් ද මෙතෙක් ලැබී නෑ .
Share This Article