පාර්ලිමේන්තුව ඇරඹෙයි - අවට දැඩි ආරක්ෂාවක්
Tuesday, 21 June 2022 - 10:33 | Views - 291
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කර තිබෙනවා.
පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ග වල ද දැඩි පොලිස් රැකවල් යොදා තිබෙනු දැකගත හැකිවන අතර මේ වන විට අදට නියමිත පාර්ලිමේන්තු සැසියද ආරම්භ කර තිබෙන බවයි සඳහන්.
එසේම, මේ වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ තර්ක ඉදිරිපත් කරමින් තිබෙනවා.
කෙසේ වෙතත්, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම වගන්ති සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා එවා ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන්නේ.
Share This Article