විදේශ ගෘහසේවයට රට යන කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කෙරෙයි
Tuesday, 21 June 2022 - 9:34 | Views - 1,044
ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, ගෘහ සේවය සඳහා විදේශ ගත වන කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක වශයෙන් සංශෝධනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, ඉදිරියේදී බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදේශ රැකියාවල නියුතු පුද්ගලයින්ට සහන රැසක් පිරිනැමීමට යෝජනා ඉදිරිපත් වී තිබෙන බවයි.
Share This Article