සෞඛ්‍ය අංශයට ඉන්ධන ගන්න පුළුවන් - පිරවුම්හල් 44 මෙන්න
Tuesday, 21 June 2022 - 8:45 | Views - 4,700
පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 44ක් සෞඛ්‍ය සේවය සඳහා වෙන් කර තිබෙනවා.
ඒ අනුව සිකුරාදා දිනයේ දී පමණක් එම ඉන්ධන පිරිවුම්හල් වලින් වෛද්‍යවරුන්, හෙඳ හෙදියන් හා සෞඛ්‍ය ක්ෂේත්රයේ අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනු ඇති.
පසුගියදා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ අනෙකුත් නිලධාරීන් චෝදනා කළේ තමන්ට ඉන්ධන ලබා ගැනිමේදී දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙහිදී මෝටර් රථ සහ SUV වර්ගයේ වාහන සඳහා ඉන්ධන ලීටර් 40ක් ද, ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන ලීටර් 15ක් ද , යතුරුපැදි සඳහා ඉන්ධන ලීටර් 10ක් ද නිකුත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒ අනුව පළාත් 9ම ආවරණය වන පරිදි මෙම ඉන්ධන පිරවුම්හල් නම් කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම සටහනයි.


Share This Article