තෙල් නැතුව වාහන සවුත්තු වෙනවාද ? වාහන හරියට නඩත්තු කරන්නේ මෙන්න මෙහෙමයි
Monday, 20 June 2022 - 16:26 | Views - 298
වාහනයක් දිගුකාලීනව එක තැනක නතර කරල තියෙන කොට වෙන්න පුළුවන් හානිදායක දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ගැන දැනුවත් වෙලා ඉන්නවා නම් අපිට පුළුවන් ඒ හානි වළක්වා ගන්න.

ටික කාලයක් එක තැන තියන්න වෙනවා නම් වාහනය හොඳට පිරිසුදු කර ගන්න. වාහනයේ තෙත ගතිය රැදෙන්න දෙන්න එපා. පුස් සහ දිලීර වර්ග ව‍ර්ධනයට ඕනෙ වෙන තෙතමනය නැති කරන්න. ඒ වගේම ඉතුරු වෙලා තියෙන කෑම කොටස් වගේ දේවල්වලට එන කැරපොත්තන්ගෙන් වාහනේ වයර් හාර්නස් එකට හානි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

වාහනය ටික කාලයක් නවත්තලා තියෙන කොට ඔයාගෙ වාහනේ බැටරිය වීක් නම් නැවත පණගැන්වීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අඩුම තරමින් දවස් දෙකකට සැරයක්වත් වාහනේ ස්ටාට් කරල තියන්න. ස්ටාට් කරල තියෙන වෙලාවට ඔයාගෙ වාහනේ ඕඩියෝ සිස්ටම් එක, හෙඩ්ලයිට්, AC වගේ ඉලෙක්ටි්‍රකල් ලෝර්ඩ් ඕෆ් කරල තියන්න.

සම මතුපිටක දිගු කාලයක් නවත්වා තැබීමෙන් ටයර්වලට හානි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වාහනය ස්ටාර්ට් කරන දවසට ටිකක් ඉදිරියට සහ පසුපට ධාවනය කරන්නත් අමතක කරන්න එපා.

ඊළඟට වාහනේ බේරගන්න ඕනෙ මීයන්ගෙන් සහ ලේනුන්ගෙන්. එළියේ නවත්තලා තියෙන වාහනයකට නම් මේ කරදරය ටිකක් වැඩියෙන් බලපානවා. වාහනේ එකම තැන නවත්තලා තියන්න එපා. ටිකක් එළියට අරන් ‍ෙදාරවල් ටික ඇරලා තියල ආපහු පාර්ක් කරල තියන්න. මීයන්ගෙන් වාහන ආරක්ෂා කරන විවිධ ස්ප්‍රේ වර්ග වෙළෙඳපොළේ මිලට ගන්න තියෙනවා.

නැවත ධාවනය පෙර සියලු පද්ධති සහ තරල වර්ග පරීක්ෂාවට ලක් කරන්න.

මාධව රූබසිංහ 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top