ඡන්ද හිමියන්ට විශේෂ දැනුම් දීමක්
Monday, 20 June 2022 - 14:26 | Views - 1,536
2022 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්ව ඇත්දැයි තහවුරු කරගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව ඡන්දදායකයින්ට දැනුම් දෙනවා.තම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් හෝ http://www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඡන්ද හිමි නාමලේඛණයට තම නම ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගත හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.එසේ නම ඇතුලත්ව නැත්නම් ජූලි 12 වනදාට පෙර 011 2 860 034 අංකයට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉල්ලීමක් කරනවා.
Share This Article