යකඩ, සිමෙන්ති ඇතුලු ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්රයේ කටයුතු මන්දගාමී වී තිබෙනවා.
මේ හේතුවෙන් තමන්ට රැකියා අහිමිව ගොස් ඇති බව පෙදරේරු, වඩු, විදුලි කාර්මික සහ ජලනල කාර්මිකයින් ප්‍රකාශ කළා.
එම ක්ෂේත්රයේ රැකියාවල නිරතවන්නන් පිරිසක් ගාල්ල - අක්මීමන - වලහන්දූව මංසන්ධියේදී ඊයේ විරෝධතාවයේ නිරතවුණා.