පෞද්ගලික අංශයටත් නිවසේ සිට වැඩ කරන්න දෙන්න - ඇමති කංචන
Monday, 20 June 2022 - 11:23 | Views - 654
පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
එසේම විනෝද ගමන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් වලකින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විශේෂයෙන්ම රැස්වීම් සඳහා පිට පළාත්වලින් නිලධාරීන් කැඳවීම වෙනුවට ඔන්ලයින් ක්‍රමයට ඒවා පවත්වන්නැයිද ඉල්ලීමක් කරන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article