ලෝටස් මාර්ගය අදත් අවහිර වෙයි (Photos & Video)
Monday, 20 June 2022 - 9:45 | Views - 863
ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබෙනවා.ඊයේ(19) රාත්‍රියේ සිට මොවුන් ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් මාර්ගයේ පිහිටි මෙම පිවිසුම් දෙක අවහිර කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.ගාලු මුවදොර විරෝධතාවට අදට දින 73 ක් ගතවනවා.
up date...
කොළඹ ලෝටස් වටරවුම අසල දැඩි රථවාහන තදබදයක් මතුව ඇතැයි වාර්තා වනවා.ඒ ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් පාර අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබීම හේතුවෙන්.විරෝධතාකරුවන් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුව ද අවහිර කර ඇතැයි වාර්තා වන්නේ.




Share This Article