පෝලිමේ සිටින නොසිටින සැමට ඉන්ධන ලබා ගත හැකි අලුත්ම ක්‍රමය මෙන්න
Monday, 20 June 2022 - 9:00 | Views - 3,948
පෞද්ගලික රථවාහන සඳහා සතියට දවස් දෙකක් ඉන්ධන ලබාදෙන නව වැඩපිළිවෙලක් හඳුන්වා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඊයේ(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීම සිදුකළා.
කෙසේ වෙතත්, එම දින දෙක එක් එක් වාහනයේ සඳහන් අංක තහඩුවේ අවසාන අංකය අනුව යම් කාලවකවාණුවක් වෙන්කර ඉන්ධන ලබා දීම සිදුකරන බවද ඇමතිවරයා සඳහන් කළා.
එසේම, කළ ඉල්ලීමක් සලකා බලා ඉදිරි සතියේ සිට සෞඛ්‍ය අංශයට දිනයක් වෙන්කර දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඔවුන්ට පහසුකම් තියෙන තෝරාගත් පිරවුම්හල් කිහිපයක් ඉන්ධන ලබා ගැනීම සඳහා වෙන්කර දෙන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
තවද, එළඹෙන ජුනි 23 වනදා පෙට්‍රල් නෞකාවකුත්, ජුනි 24 වනදා ඩීසල් නෞකාවකුත් දිවයිනට ලබා ගැනීම සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බවද ඇමතිවරයා සඳහා කළා.
Share This Article