අද සිට අලුත් වෙනසක් - විදුලිය විසන්ධි කිරීමේ ද වෙනසක්
Monday, 20 June 2022 - 7:54 | Views - 2,637
අද 20 වනදා සිට 24 වනදා දක්වා සතිය තුල පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ නිවේදනයක් නිකුත් කළා.

නිවේදනයේ සඳහන් පරිදි, බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව හා සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේදී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර ලබාදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අනුව ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්හි සිසුන්ට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බල නොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබාදීමට කටයුතු කර ඇති බවටද නිවේදනයේ සඳහන්.

එමෙන්ම යම් පාසලක පැමිණීමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී එම තත්ත්වය මත ද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම් ඒ සඳහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡා කර සුදුසු පියවර ගැනීම සඳහා ද මෙහිදී අවසර ලබාදී තිබෙනවා.

එසේම, පාසල පැවැත්වුණ ද යම් සිසුන් කණ්ඩායමකට සහභාගී වීමට නොහැකි නම් එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිත කිරීමට ද මෙහිදී හැකියාව හිමි වෙනවා.

එසේම අද සිට ක්‍රියාත්මක වන පරිදි සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම පහසුවීම වෙනුවෙන් පෙරවරු 8 සිට පස්වරු 1 දක්වා විදුලිය විසන්ධි නොකිරීමට තීරණය කළ බවද මහජන උපයෝගීතා කොමිසම ඊයේ සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top