අද පැවැත්වෙන විශේෂ සාකච්ඡාව (Video)
Friday, 17 June 2022 - 13:49 | Views - 2,049
පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට (17) පැවැත්වෙනවා.

කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මුදල්, රාජ්‍ය පරිපාලන සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම මහ බැංකු අධිපතිවරයා ඇතුලු තවත් නිලධාරීන් සහ මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටින බවයි වාර්තාවන්නේ.

එහිදී යම් හෙයකින් නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයකට රජයේ සේවකයන් යෙදවීමට සිදුවුවහොත් එම කටයුතු කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබුණා.

ලබන සතියේ සිට සිකුරාදා දින පමණක් අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සේවකයින්ට නිවාඩු ලබාදීමට පියවර ගැනුණු අතර, අද දිනට පමණක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදු නොකිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවේ.

පාසල් ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාමට සිදුවුවහොත් දුෂ්කරතා අවම කරගනිමින් එම කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ සාකච්ඡාවක් ද අද පෙරවරුවේ පැවැත්වුණා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම සිදුකරන ආකාරය පිළිබඳව යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බව සඳහන්.

මෙහිදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ඔන්ලයින් ඉගැන්වීම් සිදු කිරීමේදී තාක්ෂණික දුෂ්කරතා අවම කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, පවතින තත්වය සමාලෝචනය කරමින් තවදුරටත් සාකච්ඡා සිදු කරන බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top