ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි
Friday, 17 June 2022 - 11:30 | Views - 412
ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

70 දශකයේදී පිබිදෙන ගායක පරපුර වැඩසටහනෙන් කලාවට පිවිසි ඔහු එදිරිවීර සරච්චන්ද්‍රයින්ගේ මනමේ, සිංහබාහු වැනි නාට්‍යවල ගීත ගායනා කර තිබෙනවා.

80 දශකයේ ලපලු ලතා මණ්ඩපය නමින් කැසට් පටයක් නිකුත් කළ ඔහු ආචාර්ය නන්දාමාලනී, මාලනී බුලත්සිංහල, චන්ද්‍රලේඛා පෙරේරා, නෙලූ අධිකාරී සමඟ යුග ගීත ගායනා කර තිබෙනවා.

ඔහු ගායනා කළ ගීත අතරට, ලපලුලතා මණ්ඩයේ, නින්ද මා නෙතින් සහ හංසවිලේ හසඟන වී, යන ගීත ද ඇතුළත්.

මියයනවිට 70 හැවිරිදි වියේ පසුවූ ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාරගේ අවසන් කටයුතු හෙට (18) සවස අනුරාධපුර - නිසල නිම්නය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top