ජූනි මාසයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 549 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 20,939ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වන 7,963 හඳුනාගෙන ඇත්තේ, බස්නාහිර පළාතෙන්.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ අවධානය යොමුකර ඒවා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස යි.