අදට නියමිත විදුලි කප්පාදු සටහන
Friday, 17 June 2022 - 10:14 | Views - 620
අද (17) දිනයේ සිදුකරන විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසම ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව අද (17) දිනයේ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා (20) සිට පැය එකහමාරකින් පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය ඊයේ සඳහන් කළා.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්රය අද (17) සිට අලුත්වැඩියා කිරීමට දින 75 ක කාලයක් සඳහා ක්රියා විරහිත කිරිම ඊට හේතුව බවයි එම සංගමයේ සමලේකම් එරංග කුඩාහේවා ප්රකාශ කර සිටියේ.
ඒ අනුව පැය දෙකයි විනාඩි 15 ක කාලයක් දැනට සිදු කරන විදුලි කප්පාදුව අවම වශයෙන් පැය 3 යි විනාඩි 40 ක් දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බවටයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
ඔබේ ප්රදේශයට විදුලිය කප්පාදුවන කාලය සඳහන් අදට නියමිත විදුලි කප්පාදු සටහන පහතින් දැක්වේ.
Share This Article