ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් බස් රථ සේවකයින් ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනවා.රට තුළ පවතින දැඩි තෙල් අර්බුදය හේතුවෙන් මෙලෙස දිනෙන් දින දිවයින පුරා විවිධ තැන්වල විරෝධතා පැවැත්වෙනවා.ජනතාවට දෛනික වැඩකටයුතු සාර්ථක කර ගැනීමටවත් නොහැකි තත්ත්වයක් මේ වනවිට උදා වී ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගවල පවා පොදු ප්‍රවාහන සේවයේ අඩාල වීමක් දක්නට ලැබෙනවා.මේ හේතුවෙන් රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශවල සේවය කරන ජනතාව පත්ව ඇත්තේ මහත් අසීරු තත්ත්වයකටයි.මෙවන් පසුබිමක් මතයි ඊයේ (16) දිනයේ දී ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන අවසල් ඩීසල් නෞකාව ද පැමිණියේ.
up date...,
විරෝධතාවක් හේතුවෙන් අවහිර වූ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ප්‍රවේශ වන මාර්ගය දැන් යථා තත්වයට පත්කර තිබෙනවා.
අද (17) පෙරවරුවේ මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ ඉන්ධන නොලැබුණු බස් රථ සේවකයන් පිරිසක්.
ඔවුන් ප්‍රකාශ කළේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා ගැටළුවකින් තොරව ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන නිකුත් කරන බවයි.
කෙසේ වෙතත් සාමාන්‍ය බස් රථවලට එම බස් රථවලට එම පහසුකම නොලැබීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.
අධිවේගයේ බස් රථවලට ලබාදෙන ඉන්ධන පහසුකම සාමාන්‍ය බස්රථවලට ද ලබාදෙන බව ඔවුන් ඉල්ලා සිටියා.
පසුව ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ සාමාන්‍ය බස් රථවලට ද ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකසන බවට පොරොන්දුවීමත් සමඟ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පැවැත්වූ විරෝධතාව අවසන් කර තිබෙනවා.