ඉන්ධන නිකුත් කෙරෙන අලුත්ම විදිහ - පෝලිමේ සිටින අයටත් වැදගත් පණිවුඩයක්
Friday, 17 June 2022 - 9:06 | Views - 4,345

දෛනික අවශ්‍යතාවට ප්‍රමාණවත් පරිදි දිවයින පුරා පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීම සිදු කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, දිනකට ඩීසල් මෙටි්රක් ටොන් 3000ක් සහ පෙට්‍රල් මෙටි්රක් ටොන් 2600කට සීමා කරමින් ඉන්ධන නිකුත් කෙරෙන බවයි.
අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, එම ඉන්ධන ප්‍රමාණය දිවයින පුරා බෙදා හැරීම සඳහා ඇත්තේ ටැංකි රථ 450ක් පමණ බැවින් එක් දිනක් තුල සියලු පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමට හෝ එක් පිරවුම්හලකට එක් දිනක දී කිහිපවරක් ඉන්ධන නිකුත් කිරීමට හැකියාවක් නො මැති බවයි.
ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සහ ඒවාට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය පෙර දිනයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවිය සහ යෙදවුම මගින් ප්‍රකාශයට පත් කර කරන බව ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව පිරවුම්හල්වල ඉන්ධන ප්‍රමාණයට සරිලන පිරිසකට වඩා වැඩියෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ.
කෙසේ වෙතත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල දින ගණනක් පුරා අඛණ්ඩව පවතින කිලෝමීටර ගණනක් දිගු පෝලිම් තවදුරටත් පවතිනවා.
මෙවන් පසුබිමක ලබන පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව කියන සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත යි.
මේ අතර බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අදත් දිවයින පුරා සියලු ප්‍රදේශවලට පැය 2යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් කිරීමට මහජන උපයෝගිතා කොමිසම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
Share This Article