රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසය ඇතුළත ඉන්ෆ්ලුඑන්සා ආසාදිතයින්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ.
ගර්භණී කාන්තාවන්, වයස්ගත පුද්ගලයින් සහ නිධන්ගත රෝග සහිත පුද්ගලයින්ට මෙම වෛරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.
පසුගිය සති 4 තුළ දිවයින පුරා ඉන්ෆ්ලුඑන්සා A වෛරසය ආසාදනය වීමේ ඉහළ යෑමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.
විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය ආශ්‍රිතව රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බවයි පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය ප්‍රකාශ කළේ.
මේ වනවිට කලවාන රෝහලට අසාදිතයින් 103ක් වාර්තා වී ඇති අතර, ඉන් බහුතරය කාන්තාවන්.
ඉන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ සියලු දෙනා වයස අවුරුදු 75 වැඩි පුද්ගලයින් බවයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කළේ.