රත්නපුර ඉන්ෆ්ලුවන්සා වැඩිවීමක්
Thursday, 16 June 2022 - 14:32 | Views - 880
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසය ඇතුළත ඉන්ෆ්ලුඑන්සා ආසාදිතයින්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ.

ගර්භණී කාන්තාවන්, වයස්ගත පුද්ගලයින් සහ නිධන්ගත රෝග සහිත පුද්ගලයින්ට මෙම වෛරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

පසුගිය සති 4 තුළ දිවයින පුරා ඉන්ෆ්ලුඑන්සා A වෛරසය ආසාදනය වීමේ ඉහළ යෑමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය ආශ්‍රිතව රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බවයි පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය ප්‍රකාශ කළේ.

මේ වනවිට කලවාන රෝහලට අසාදිතයින් 103ක් වාර්තා වී ඇති අතර, ඉන් බහුතරය කාන්තාවන්.

ඉන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ සියලු දෙනා වයස අවුරුදු 75 වැඩි පුද්ගලයින් බවයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top