පොදු ප්‍රවාහනය බරපතළ අර්බුදයක (Video)
Thursday, 16 June 2022 - 14:09 | Views - 351
ඉන්ධන හිඟය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා අඩාල වීම නිසා අදත් මඟී ජනතාව දැඩි පීඩාවකට පත් වුණා.
මේ අතර, බස් රථ සේවකයන් චෝදනා කරන්නේ, බස්රථ සඳහා බැස්ටියන් මාවත බස් නැවතුම්පොළෙන් අද දින සිට ඉන්ධන ලබා දෙන බව පැවසුව ද එය මෙතෙක් ක්‍රියාත්මක කර නො මැති බව යි.
ඊයේ පස්වරුවේ සහ පෙරවරුවේ ද පොදු ප්‍රවාහන සේවාවන් නොමැති වීම හේතුවෙන් ජනතාවට පීඩාවට පත් ව සිටියා.
මේ අතර, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, ඊයේ(15) දිනයේ සිට බැස්ටියන් මාවත පොදු බස් නැවතුම්පොළෙන් බස් රථ සඳහා ඩීසල් ලබාදෙන බව යි.
කෙසේ වෙතත් එම බස් නැවතුම්පොළෙන් අද දිනයේත් බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමක් සිදු නො කරන බව බස් රථ සේවකයන් පවසනවා.
Share This Article