ඉන්දීය ණය ක්රමය යටතේ එන අන්තිම තෙල් නැව අද (Video)
Thursday, 16 June 2022 - 13:55 | Views - 1,584
ඉන්දීය ණය පහසුකම් යටතේ මෙරටට හිමි වන අවසන් ඉන්දීය ඉන්ධන නෞකාව කොළඹ වරායට ළඟා වී ඇතැයි වාර්තා වනවා.
එම නෞකාව මගින් මෙරටට ඩීසල් මෙට්රික් ටොන් 40000ක් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් කොළඹ අවට සහ දිවයිනේ නගර ගණනාවක ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් පෝලිම්වල ජනතාව දින ගණනාවක් පුරාවට රැඳී සිටිනවා.
ඒ අතර කොළඹ නගර කිහිපයක ජනතාව ඉන්ධන ඉල්ලා වීදි බැස තිබීම හේතුවෙන් දෙල්කඳ, ජුබිලිකනුව, යූනියන් පෙදෙස ආදී ප්රදේශවල මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.
Share This Article