
ඉන්ධන පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු රවටා ඩීසල් කියා වතුර ලිටර් 60 ක බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කළ සිද්ධියක් බණ්ඩාරගමින් වාර්තා වනවා.
සිද්ධියට මුහුණ පෑ එක් අයකු කුඩා වෑන් රථයකින් තැඹිලි විකුණා ජීවිකාව කරගෙන යන අතර අනෙක් පුද්ගලයා කුඩා ලොරි රථයක හිමිකරුවෙකි.
ඉන්ධන පිරවුම් හල අසල දින පහක පමණ කාලයක සිට ඔවුන් දෙදෙනා පෝලිමේ රැඳී සිටින අතර අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මිතුරන් බවට පත්ව ඇති අතර ඔවූන් අසලට පැමිණි ආගන්තුක පුද්ගලයකු හොරෙන් පැන්නූ ඩීසල් වගයක් තියෙනවා අඩුවට දෙනවා ගන්නවා දැයි, මොවුන් දෙදෙනගෙන් විමසා තිබෙනවා.
දින කීපයකින් නිසි අයුරින් ආහාර ද ගෙන නොමැතිව නිදා ගැනීමටත් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටි ඔවුන් දෙදෙනා එම පුද්ගලයාගේ යෝජනාවට කැමති වී දෙවරක් නොසිතා එය මිලදී ගැනීමට එකඟතාවය පළකර තිබෙනවා.
කෙසේ වෙතත්, සුළු වේලාවකින් පසු ආගන්තුක පුද්ගලයා රැගෙන විත් ඔහුන් අසල තබා තිබූ බුලි පරික්ෂා කිරීමේදී ඩීසල් බවට හැඟී යා මෙන් ඊට නියමිත රුපියල් 24000ක මුදලක් ද එම පුද්ගලයා වෙත ඒ මොහොතේම ලබා දීමට මොවුන් දෙදෙනා කටයුතු කර තිබෙන අතර පසුව එක් අයකු වාහනයට දැමූ ප්ලාස්ටික් බූලිය පතුලින් කාන්දු වීමක් ඇති වී ඒ පිළිබඳව
පරික්ෂා කිරීමේදී වතුර බවට හැඟී ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව ඔහු අනෙක් පුද්ගලයාට පැවසීමට යාමේදී ඔහු ද පවසා ඇත්තේ තමන්ගේ බූලි දෙකේම ඇත්තේද වතුර බවය.
ඔවුන් දෙදෙනාම ක්ෂණිකව තමන්ට ඩීසල් කියා වතුර ලබා දුන් පුද්ගලයා සොයා නගරය පුරා සැරි සැරුව ද එම ජාවාරම්කරු සොයා ගැනීමට දෙදෙනාටම නොහැකි වී තිබෙනවා.
( උපුටා ගැනීම - ලංකාදීප )
49 Views
212 Views
113 Views
100 Views
81 Views
93 Views
90 Views
65 Views
144 Views
74 Views
104 Views
169 Views
200 Views
666 Views