හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භූමිතෙල් ලබා ගැනීමට දින දහයක් තිස්සේ පෝලිම්වල සිටි මිනිසුන් අදත් (16) හිස් අතින් නිවෙස් වෙත ගිය පුවතක් වාර්තා වනවා.
ගත වූ දින කිහිපය තුළ ම අලුයම 4ට පමණ මිනිසුන් භූමිතෙල් ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හලට පැමිණි බව යි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අදත් ඉන්ධන නිකුත් නො කිරීම හේතුවෙන්, මිනිසුන් හිස් අතින් ගිය බව සඳහන්.
හැටන් පොලිසිය විසින් උදෑසන 8ට පමණ කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩාවට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර, ඒ හරහා ලැබුණු දැනුම්වත් කිරීම මත යි මිනිසුන් පෙරළා නිවෙස් වෙත ගොස් ඇත්තේ.