O/L උත්තර පත්‍ර ඇගයීමේ ගාස්තු වැඩි කෙරෙයි
Thursday, 16 June 2022 - 9:29 | Views - 1,674
පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ගෙවනු ලබන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන නිවේදනය කළේ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල සහ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දෛනික දීමනාව සංශෝධනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.
පසුගියදා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ජාවක් පැවති අතර එහිදී කරුණු ලැබූ ඉල්ලීමකට අනුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
Share This Article