ඉන්දීය ණය පහසුකමෙන් එන - අවසන් ඉන්ධන නැව අද
Thursday, 16 June 2022 - 9:02 | Views - 1,482
ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා මූලික වටයේ තවත් සාකච්ඡාවක් අද (16) සිදු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම සාකච්ඡාව ඕමාන සමාගමක් සමඟ සිදුකරන බවයි.
ඒ අනුව ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට හැකි ගෑස් නෞකා සම්බන්ධයෙන් හෙට (17) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට හැකියාවක් පවතින බව ද ඔහු සඳහන් කළා.
ගෑස් නොමැති වුවත් ලිට්රෝ ගෑස් මිල රුපියල් 210 කින් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇති බව ඔහු එහිදී කියා සිටියා.
එමෙන්ම ඉන්දියන් ණය ආධාර යටතේ මෙරටට ලැබෙන මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් අවසන් ඉන්ධන නෞකාව අද දිවයිනට ළගා වීමට නියමිතයි.
මේ අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව පාරිභෝගිකයන්ට බෙදා හැරීම සඳහා පිරවුම්හල්වලට නිකුත් කරන පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුලු සියලුම ඉන්ධන පිළිබඳ වාර්තාව www.ceypetco.gov.lk යන සංස්ථා වෙබ් අඩවිය මෙන්ම, සංස්ථා ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට කටයුතු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.
Share This Article