ඉන්ධන පෝලිමක තවත් මරණයක් (Video)
Thursday, 16 June 2022 - 8:50 | Views - 1,619

ඉන්ධන අර්බුදය හේතුවෙන් මේවනවිටත් දිවයින පුරා පිරවුම්හල් අසළ දිගු පෝලිම් පවතිනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් පෝලිම් කිලෝමීටර 5 ක් පමණ, දිගු ඒවා බවයි.
ඉන්ධන හිඟය හේතුවෙන් පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය සේවා, කර්මාන්තශාලාවල භාණ්ඩ හා අමුද්‍රව්‍ය ප්‍රවාහනය, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දෛනික කටයුතු රැසකට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
ඛනිජ තෙල් සංස්ථාවේ අරංචි මාර්ග සඳහන් කළේ, මේ වනවිට පිරවුම්හල්වලට බෙදා හැරිමට ඉන්ධන නිකුත් කිරිම ආරම්භ කර ඇති බවයි.
කෙසේ වෙතත්, දෛනිකව නිකුත් කරන සාමාන්‍ය ඉන්ධන ප්‍රමාණය පවතින අර්බුදය හමුවේ නිකුත් නොකෙරෙන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
ඉන්ධන පිරවුම්හල් අසළ එක් මංතීරුවකට සිීා වි තිබු පෝලිම් අද වනවිට මංතීරු කිහිපයක් බවට පත්වී තිබෙනවා.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රධාන මාර්ගවල ගමනාගමනයට ද බාධා එල්ල වුණා.
හයිලෙවල් මාර්ගය දෙල්කඳ මංසන්ධියෙන් අවහිර වුයේ ඉන්ධන ඉල්ලා සිදු කළ විරෝධතාවයක් හේතුවෙන්.
එමෙන්ම හොරණ - කොළඹ ප්‍රධාන බස් මාර්ගය ද දිගු වු ඉන්ධන පෝලිම් නිසා මිරිස්වත්ත මංසන්ධියෙන් අවහිර වී තිබුණා.
මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව කියා සිටියා.
වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජිකයින්, ඉංජිනේරුවන්, නීතීඥවරුන්, සහ විවිධ වෘත්තියfවිදින් විශාල පිරිසක් ඉන්ධන පෝලිම් වල රැදි සිටීම නිසා ඔවුන්ගේ රාජකාරි අඩාල වී තිබුණා.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා හිරු ප්රවෘත්ති වෙත සඳහන් කළේ රාජකාරි සඳහා රෝහලට පිටත්ව යාමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනිම සඳහා තමන්ට පැය 3 ක පමණ කාලයක් පිරවුම්හලක් අසළ රැඳී සිටියත් ඉන්ධන ලබා ගැනිමට නොහැකි වු බවයි.
එම නිසා මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වන සිය බිරිඳට ද නිසි වේලාවට රෝහලට පිටත්ව යාමට නොහැකි වු බවද ඔහු සඳහන් කළා.
මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසික රෝගින් සඳහා ප්‍රතිකාර කටයුතු අද සිදු කෙරුණේ නැහැ.
පොදු මගී ප්‍රවාහනය ද අද ක්‍රියාත්මක වන්නේ සියයට 20 ක පමණ ධාරිතාවයෙන්.
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිත අතර, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් තවත් දින 3 කින් දිවයිනට ළගාවන බවයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර පානදුර - වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි ත්‍රීරෝද රථ රියදුරෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ අද අලුයම ඉන්ධන පෝලිමේ සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙලෙස මියගෙස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
Share This Article