මවක (42) විසින් සිය දරුවා ද ගඟට දමා සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කර තිබෙනවා.වත්තල - කදිරාන පාලම අසලදී ඊයේ (15) මෙම මව විසින් තම පස් වියැති දරුවා කැලණි ගඟට දමා ඇති අතර, ඉන්පසුව ඇය ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකී ඇති බවයි වාර්තා වන්නේ.ප්‍රදේශවාසීන් එක්ව අදාළ මව අල්ලා පොලිසියට භාර දී ඇති අතර, කැලණි ගඟට දැමූ දරුවා තවමත් අතුරුදන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.අතුරුදන් වූ දරුවා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
up date...
සිය දරුවා කැළණි ගඟට දමා සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ මව, පවුලේ ව්‍යාකූල තත්වයක් මත මෙය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
තම පස් හැවිරිදි දරුවා වත්තල - කදිරාන පාලම අසළින් කැළණි ගඟට විසි කොට ඇය ද ගඟට පැනීමට උත්සාහ දරා තිබුණේ ඊයේ (15) රාත්‍රියේයි.
අත්වාරුවකින් කදිරාන පාලම අසළට පැමිණි මෙම කාන්තාව පළමුව දරුවා කැළණි ගඟට විසි කර පසුව ඇය ද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇගේ එම ක්‍රියාව ව්‍යාර්ථ කර පොලිසියට භාර දී තිබුණා.
කෙසේ වෙතත් ගඟට විසිකළ පස් හැවිරිදි දරුවා මෙතෙක් සොයාගෙන නොමැති අතර, ඔහු සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.
42 හැවිරිදි මෙම මව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය, කලක සිට රෝගී තත්වයකින් පෙළෙන බවටයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
දෙවන විවාහයේ සැමියා මියගොස් ඇති අතර පළමු විවාහයෙන් ඇයට 15 හැවිරිදි දරුවෙකු සිටිනවා.
මෙම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ පවුලේ ව්‍යාකූල තත්වයක් හේතුවෙන් තමන් මෙලෙස සියදිවි හානිකරගැනීමට උත්සාහ දැරූ බවයි.