සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පොලිස් පණිවිඩය ව්‍යාජ එකක්
Thursday, 16 June 2022 - 8:21 | Views - 588
සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය ලෙස නම් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වාර්තාව ව්‍යාජ ලෙස සකස් කල පණිවුඩයක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, එවැනි පණිවුඩයක් කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා පොලීසිය මගින් නිකුත් කර නොමැති බවයි.
ප්‍රවේශම් වන්න - ආර්ථික අර්බුද ලෙස සඳහන් කරමින් කරුණු 22ක් දක්වා ඇති අදාළ වාර්තාව අවසානයේ පරිස්සමින් ඉන්න - පොලිස් දෙපාර්තමේන්තුව ලෙසද සඳහන් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව සඳහා නිකුත් කරන නිවේදන එහි ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය ආයතන වෙත නිකුත් කරන බවයි.
ඒ හේතුවෙන් මෙවැනි ව්‍යාජ නිවේදන වලට නොරැවටෙන ලෙස පොලීස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article