දුම්රිය ගාස්තුත් වැඩිවෙන ලකුණු ?
Wednesday, 15 June 2022 - 11:57 | Views - 2,255
රජය මඟින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉතාමත් අඩු මුදලකට දුම්රිය ඔස්සේ මගීන් ප්‍රවාහනය කරන හෙයින් දුම්රිය ගාස්තු සංශෝධනයක් බලාපොරොත්තු වන බවයි.
මේ අතර, අද සිට දුම්රිය මාර්ග කිහිපයකට නව දුම්රියන් එක්කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර පවසා සිටියා.
ඒ අනුව වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන 06.20 නව දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර එම දුම්රිය යළි පස්වරු 04.00 ට කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ඇති බවටයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් මීට අමතරව ද, තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් සඳහා නව දුම්රියන් එක් කිරීමට පියවර ගෙන ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article