දුම්රිය ගාස්තුත් වැඩිවෙන ලකුණු ?
Wednesday, 15 June 2022 - 11:57 | Views - 2,256
රජය මඟින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉතාමත් අඩු මුදලකට දුම්රිය ඔස්සේ මගීන් ප්‍රවාහනය කරන හෙයින් දුම්රිය ගාස්තු සංශෝධනයක් බලාපොරොත්තු වන බවයි.

මේ අතර, අද සිට දුම්රිය මාර්ග කිහිපයකට නව දුම්රියන් එක්කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර පවසා සිටියා.

ඒ අනුව වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන 06.20 නව දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර එම දුම්රිය යළි පස්වරු 04.00 ට කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ඇති බවටයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් මීට අමතරව ද, තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් සඳහා නව දුම්රියන් එක් කිරීමට පියවර ගෙන ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top