ගම්පහ සහ යක්කල ප්රදේශවලට අද පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්රවාහන මණ්ඩලය පවසනවා.
ඒ, අනුව පස්වරු 2 සිට හෙට උදෑසන 6 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ ගම්පහ මහනගර සීමාව, කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්ධියේ සිට අලුත්ගම - බෝගමුව පල්ලිය පාර දක්වා ප්රදේශවලට යි.
කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ යක්කල පාලමේ ජලනල පද්ධතිය අලුත්වැඩියා කිරීම ජලසැපයුම අත්හිටුවීමට හේතු වී තිබෙනවා.