දන්සැලක් කියූ සැනින්ම මතක් වෙන දන්සැල් කිහිපයක් තියෙනවනෙ.
බත් දන්සල්, ප්‍රයිඩ්රයිස් දන්සල්, මඤ්ඤොක්කා දන්සල්, සව් දන්සල්, කොස් දන්සල්, රොටි දන්සල් මේවා අපිට හුරුපුරුදුයි. වත්මන වෙද්දි පොත් දන්සැල් ,පැළ දන්සැල් වගේ දේවලුත් ඊට එකතු වෙලා තියෙනවා.
මේ කියන්න යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දන්සැලක් ගැන. මේ අපූරු දන්සැල හොරණ නගරයේ සංවිධානය වූවක්.
කන්න බොන්න දෙන දන්සලක් නෙවෙයි හරි අපූරුවට කොණ්ඩා කපන දන්සලක් තමයි ඒ විදියට සංවිධානය වෙලා තිබුණේ.
එය සංවිධානය කර තිබුණේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී ශ්‍යාමලී විජේරත්න විසින්.
මෙහිදී දරු සිඟිත්තන්, පාසල් දරුවන්, තරුණ ප්‍රජාව මෙන්ම වැඩිහිටියන් ඇතුළු විශාල පිරිසක් කාන්තා පිරිමි භේදයකින් තොරව කොණ්ඩා කැපීමේ නිරතව තිබුණා.