ගැසට් මඟින් ප්‍රකාශයට පත් වූ රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව
Wednesday, 15 June 2022 - 8:20 | Views - 559
ඉන්ධන අර්බුදයත් සමග මෙම සතියේ සිට සෑම සිකුරාදා දිනයක්ම අත්‍යවශ්‍ය සේවා හැර රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ චක්‍රලේඛය අද රාත්‍රියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ කියා සිටියේ ඊට අදාළව අද අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බවයි.
සිකුරාදා දිනය රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබුණා.
Share This Article