අද සිට නව බස් සහ දුම්රිය සේවාවන්
Wednesday, 15 June 2022 - 8:08 | Views - 723
අද සිට නව බස් සහ දුම්රිය සේවාවක් යොදවා ඇති බව වාර්තා වනවා.

කැස්බෑව සිට පිටකොටුව, මොරටුව සිට පිටකොටුව, තොටලඟ සිට නාරාහේන්පිට, බදුරලිය මතුගම හරහා හොරණ, හොරණ - කළුතර හරහා අලුත්ගම, හෝමාගම, දෙල්කඳ හරහා නාරාහේන්පිට, හෝමාගම හයිලෙවල් පාර ඔස්සේ මරදාන, කොට්ටාව - මහරගම හරහා පිටිපන සහ රද්දොලුව සිට කොළඹ යන මාර්ගවල එම බස් රථ යොදවා තිබෙනවා.

එමෙන්ම කලුඅග්ගල සිට කොළඹ ආනන්ද විද්‍යාලය දක්වා ද විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක යි.

මේ අතර අද සිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ - කොටුව බලා නව දුම්රියක් එක් කිරීමත් සමඟ යි.

අලුතින් එක් කෙරෙන දුම්රිය වග දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.20ට ගමන් ආරම්භ කරන අතර, කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේ සිට පස්වරු 04ට වග දුම්රිය ස්ථානය බලා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top