'හිරු ශ්‍රද්ධාභි වන්දනා' අද මහියංගනය පුදබිමේ සිට (Video)
Tuesday, 14 June 2022 - 8:05 | Views - 882
අනුබුදු මිහිදු මාහිමියන් ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ක්‍රියාත්මක හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික මහියංගනය රාජමහ විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක වනවා.

ඊට සමගාමිව සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කුල දරුවන් 20 දෙනෙකු ශාසනයට පුජා කිරීමද මෙහිදි සිදුවුණා.

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සිල් සමාදන් වීම සදහා අද උදෑසන මහියංගන පුදබිමට පැමිණි උවැසි උවැසියන් අෂ්ඨාංගශිලයේ පිහිටවනු ලැබුවේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රාජමහා විහාරාධිපති පුජ්‍ය උරුලෑවත්තේ ධම්ම රක්ඛිත නාහිමියන් විසින්.

හිරු ශාසනාවතරණය පුණ්‍යෝත්සවය යටතේ සසුන් කෙතට මීට පෙර ඇතුලත් වු කරන්දෙණිය, උණගස්වල සිරිනිවේසාරාමවාසී පූජ්‍ය පදියතලාවේ ධම්මරුචි සාමණේර හිමියන් උදෑසන ධර්ම දේශණය සිදුකළා.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උතුම් වූ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන කුල දරුවන් සසුනට පුජා කිරීමේ හිරු ශාසනාවතරණය පුණ්‍යෝත්සවය ආරම්භ වුයේ ඉන් අනතුරුවයි.

මෙහිදී කුලදරුවන් 20 දෙනෙකු ශාසනයට පුජා කෙරුණු අතර දරුවන්ගේ හිස මුඩුකිරීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබුවේ මහියංගනය සොරබොරවැව පරිශ්‍රයේදීයි.

හිරු ශාසනවතරණය තුළින් මේ දක්වා කුල දරුවන් සියයකට අධික පිරිසක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කර තිබෙනවා.

එම සාමණේර භික්ෂුන් වහන්සේලාගේ පිරිවෙන් අධ්‍යාපනය අවසන් වන තෙක් ශීෂ්‍යත්ව ලබාදීමට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා කටයුතු කර තිබීමද විශේෂත්වයක්.

පෙරවරු 9.26 ට යෙදී තිබු සුබ නැකතින් කුල දරුවන් 20 දෙනා සම්බුද්ධ ශාසනයට ඇතුළත් කෙරුණේ හිරු ශාසනාවතරණයෙන් තවත් සේවාවක පරිච්ජේදයක් සනිටුහන් කරමින්.

අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික, නියෝජ්‍ය ලේඛකාධිකාරි මහාවිහාර පිරිවෙන්පති ශාස්ත්‍රපති පුජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නා හිමියන් විසින් ඉන් අනතුරුව අනුශාසනාවක් සිදුකරනු ලැබුවා.

භික්ෂුන් වහන්සේ එකසිය පනස් නමක් විෂයෙහි සිදුකෙරෙන මහා සංඝික දානමය පුණ්‍ය කර්මය ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරයේදී පැවැත්වුණේ ඉන් අනතුරුවයි.

මේ අතර, හිරු ශ්‍රද්ධාභි වන්දනා වැඩසටහනට සමඟාමීව වන්දනාමාන කිරීම පිණිස සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ දෙනමක් සහ ආලෝක පූජා මන්දිරයක් කරවා, පූජා කිරීම සිදුවන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්.

ඵෙතිහාසික මහියංගනය චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත කප්රුක් පැළඳවීමේ පිංකමද සිදු කිරීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කර ඇති අතර එම පුණ්‍යකර්මයට එක් වීමට සැදැහැවත් ඔබට අද අවස්ථාව හිමිවනවා.

හිරු ශ්‍රද්ධාභි වන්දනා වැඩසටහන අවසන් කෙරෙන්නේ මහියංගනය චෛත්‍යරාජයාණන් වහන්සේ සුවද දුමින් නහවා, පංච තූර්ය නාද පවත්වා, ඵෙතිහාසික මහියංගනය රාජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස සිදු කෙරෙන අධිෂ්ඨාන පූජාවත් සමඟයි.


 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top