පෙනහැල්ලක මූනිස්සමක් ඉවත් කළ කරාපිටියේ විශ්මිත සැත්කම
Saturday, 11 June 2022 - 19:32 | Views - 712
වෙඩි වැදීමකින් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුගේ වම් පෙනහැල්ලේ තිබූ මූනිස්සමක් ඉවත් කර 35 හැවිරිදි අදාළ පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට රෝහලේ වෛද්‍යවරුන් සමත් වුණා.
හෘද, උරස් විශේෂඥ වෛද්‍ය ට්රොලූෂා හරිස්චන්ද්‍රගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදුවූ අතර, සැත්කම සිදුකරනු ලැබුවේ වෛද්‍ය නෆ්ලි හුසේන් විසින්.
තංගල්ල මොරකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙම වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබුණා. භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් මූනිස්සම ඉවතට ගැනීම ද විශේෂත්වයක්.
Share This Article