ජස්ටින් බීබර් හදිසියේ අසනීප වෙයි
Saturday, 11 June 2022 - 16:33 | Views - 911
මුහුණ ආශ්‍රිතව හටගත් අංශභාග රෝගී තත්ත්වයක් හේතුවෙන් තාරුණ්‍යයේ ජනප්‍රිය ගායකයෙකු වන කැනේඩියානු ජාතික ජස්ටින් බීබර් සිය ඉදිරි ප්‍රසංග දින නියමයක් නොමැතිව තාවකාලිකව කල්දමා තිබෙනවා.

28 හැවිරිදි ජස්ටින් බීබර්ට වැළඳී ඇත්තේ ස්නායු ආශ්‍රිතව හටගත් දුර්ලභ ආබාධිත තත්ත්වයක්.

එම නිසා ඔහුගේ ඇස්, කන්, මුඛය ආශ්‍රිතව සංකූලතා මතුව තිබෙනවා.

මෙම රෝගය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ රැම්සේ හන්ට් සින්ඩ්‍රොම් (Ramsay Hunt syndrome) නමැති විද්‍යාත්මක නාමයෙන්.

රෝගය වැළඳුණු අයෙකුට මුහුණේ කොටස්වල අප්‍රාණිකත්වය, කණ ආශ්‍රිත ප්‍රදේශ තමන්ට නොදැනී තුවාල බවට පත්වීම, උගුර ආශ්‍රිත, මුඛ්‍ය ආශ්‍රිතව ද තුවාල ඇතිවීම ආදිය ගත හැකියි.

බීබර් සිය ඉන්ස්ටර්ග්‍රෑම්හි වීඩියෝවක් පළ කරමින් පවසා ඇත්තේ, තමන්ට අංශභාග රෝගයෙහි ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රසංග කල් දැමීමට සිදුවන බවත්, තමන්ට විවිධ ප්‍රසංග සඳහා වේදිකාවට නැගීම අතිශය අපහසු බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ("It is from this virus that attacks the nerve in my ear and my facial nerves and has caused my face to have paralysis. As you can see this eye is not blinking. I can't smile on this side of my face; this nostril will not move. So there's full paralysis on this side of my face.")

උපුටා ගත් මූලාශ්‍රය :- CNN 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top