FB මිතුරිය නිසා ව්‍යාපාරිකයෙකුට අත්වූ ඉරණම
Saturday, 11 June 2022 - 16:05 | Views - 618

මුහුණු පොත හරහා මිතුරු වූ පුද්ගලයෙකු සමඟ තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත ගොස් මත්පැන් පානය කරමින් සිටියදී අදාළ පුද්ගලයා සිහිසුන් කිරීමට සලස්වා ඔහුගේ මුදල් සහ රන් ආබරණ කොල්ල කා පලා ගිය කාන්තාවක්
සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ පුද්ගලයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ සිද්ධිය වූ අවස්ථාවේදී මත්පැන් සමඟ යම් ද්‍රව්‍යක් අදාළ කාන්තාව මිශ්‍ර කළ බව දැක ඇති අතර එම අවස්ථාවේදී තමන් ඇද වැටුණු බවයි.
කෙසේවෙතත් මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය කාන්තාව අදාළ පුද්ගලයාගේ මෝටර් රථයද රැගෙන ගොස් එය මහ මඟ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.
සිය මිතුරෙකු සහ ෆේස්බුක් හරහා මීට දින කිහිපයකට පෙර හඳුනාගත් කාන්තාවක් සමග ඔහු මිතුරාට අයත් මෝටර් රථයෙන් ඊයේ (10) තිස්සමහාරාම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ තිබු බව සඳහන්.
පසුව තිස්මහාරාම, තිස්ස වැව ආසන්නයේ ලැගුම්හලක නවාතැන් ගෙන තිබෙනවා.
එහිදී අදාළ කාන්තාව විසින් මෙම දෙදෙනාට යම් පානයක් ලබාදී එක් අයෙක් සතුව තිබූ රුපියල් 2,751,000ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.
මෙම පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිළි කර තිබෙන අතර අනතුරුව පොලිසිය සැකකාරිය සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ව්‍යාපාරිකයා පවසා ඇත්තේ, කාමර දෙකක් ලබාගෙන එක් කාමරයක ඔහු සහ අදාළ කාන්තාවත් අනෙක් කාමරයේ මිතුරාත් නතරවී සිටි බවයි.
එදින සවස් කාලයේ මිතුරන් දෙදෙනා මත්පැන් පානය කිරීමට සූදානම් වී සිටියදී අදාළ කාන්තාව විසින් ඒ සඳහා පැණිබීම පානයක් සකස් කර දී තිබෙනවා.
මිතුරාත් ඔහුත් එය එක්වරක් පානය කර ඇති අතර පසුව පපුවේ වේදනාවක් සමග ශරීරය අප්‍රාණික වූ බවයි ව්‍යාපාරිකයා විසින් පොලිසියට හෙළිකර ඇත්තේ.
ඒ අනුව ඔහුන්ට සිහිමුර්ජාවීමෙන් පසු සැකකාර කාන්තාව විසින් ව්‍යාපාරිකයා සතුව තිබූ පවුම් 10ක් බරැති රන් මාලයක්, පවුම් 4ක් බරැති අත්පළඳනාවක්, පවුමක් බරැති මුදුවක් සහ රුපියල් 28,000ක මුදලක් සොරාගෙන ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම පළාගොස් තිබෙනවා.
සවස 4ට පමණ එම සිද්ධිය සිදුවී ඇති අතර රාත්‍රී 7.30ට පමණ යළිත් අවදි වී ඇති ව්‍යාපාරිකයා තමා සතුව තිබූ රන් භාණ්ඩ නොමැති බවට දැනගෙන ඇතැයි සඳහන්.
මිතුරාද එක් පසෙක වැටී සිටිනු දුටු ඔහු පසුව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී තිස්සවැව ආසන්නයේ ස්ථානයක දමාගොස් තිබියදී මෝටර් රථය සොයාගෙන තිබුණා.
සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා තිස්සමහාරාම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
Share This Article