ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳුදාත් (13) විවෘතයි
Saturday, 11 June 2022 - 15:17 | Views - 900
ලබන සඳුදා (13) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එදින රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළ ද අත්‍යවශ්‍ය සේවාවන් බාධාවක් නොවන පරිදි පවත්වාගෙන යායුතු බැවින් මෙම පියවර ගන්නා බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා සඳහන් කළේ.
Share This Article