පාසල් දරුවන් අවදානමක ? Save the Children අනතුරු අඟවයි
Saturday, 11 June 2022 - 13:30 | Views - 1,818
පවතින ආර්ථික අර්බුදය හමුවේ පාසල් ආහාර වැඩසටහන සීමාවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාසල් ළමයින් මිලියනයක් පමණ කුසගින්නේ සිටීමේ අවදානමක් පවතින බව සේව් ද චිල්ඩ්රන් සංවිධානය අනතුරු අඟවනවා.

එම සංවිධානය සඳහන් කරන්නේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාසල් රැසක ආහාර සැපයීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි.

එම වැඩසටහන යටතේ සේව් ද චිල්ඩ්රන් ආයතනය, රජය සමඟ එක්ව දිවයින පුරා පාසල් 850 ක සිසුන්ට ආහාර ලබාදීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට ඉන් අඩකට වඩා වැඩි පාසල් සංඛ්‍යාවක එම වැඩසටහන නතර කර ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

මෙම තත්වය හමුවේ පාසල් ළමයින් මන්දපෝෂණයට ලක්වීමේ අවදානමක් පවතින බව එම සංවිධානය සඳහන් කළා.

සේව් ද චිල්ඩ්රන් සංවිධානය නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ සහල්, තෙල් ඇතුලු ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය මාසය තුළ සියයට 195 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකම සහල් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පෙන්වා දුන්නේ.

එවන් පසුබිමක් තුළ සහල් අලෙවියේදී උපරිම මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ අනුව සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 210 ක්.

වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ උපරිම මිලක් නියම කිරීමත් සමඟ වී මෝල් හිමියන් සිය නිෂ්පාදන නිකුත් කිරීම අඩු කළ හැකි බැවින් ඉදිරියේදී සහල් හිඟයක් නිර්මාණය වනු ඇති බවයි.

මේ අතර භාවිතයෙන් තොරව අතහැර දමා ඇති රජයේ ඉඩම්වල වගා කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ප්‍රකාශ කළා.

යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top