කැළණිවැලි දුම්රිය මාර්ගයට අලුත් මුහුණක්
Saturday, 11 June 2022 - 12:08 | Views - 898
කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් කරන පාසල් දරුවන් සහ කාර්යාල සේවකයන් සඳහා වග දුම්රිය ස්ථානයෙන් ආරම්භ කර කොළඹ - කොටුව දක්වා ධාවනය වන නව දුම්රියක් ධාවනය කරවීමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ අනුව එම දුම්රිය ලබන 15 වනදා සිට ධාවනය කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එසේම මේ වනවිට නැවතී ඇති කැළණිවැලි විදුලි දුම්රිය ව්‍යාපෘතිය නැවත කඩිනමින් සක්‍රිය කර විදුලි දුම්රිය ධාවනයට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කිරීම තමන්ගේ අපේක්ෂාව බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
Share This Article