සලාක ක්‍රමයකට ඉදිරියේදී ඉන්ධන ලබාදීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ පොදු ප්‍රවාහනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කිරීමට සිදු වන බවයි.
ඉන්දියානු ණය ආධාර ලැබෙන අවසන් ඉන්ධන නෞකාව ලබන 16 වනදා දිවයිනට ළඟා වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.