ගෑස් නැතුව තනතුර මොකට ද ? යන්නේ ඒකයි
Friday, 10 June 2022 - 17:34 | Views - 1,065
පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය නොහැකි ව තවදුරටත් තනතුරේ රැඳී සිටීමෙන් ඵලක් නැති බව ලිට්රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් ඉල්ලා අස්වෙමින් පවසා සිටියා.

අද (10) සවස ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් විමසීමට හිරු ප්‍රවෘත්ති ඔහු සම්බන්ධ කර ගත් විට හිටපු සභාපතිවරයා කියා සිටියේ ඉදිරියේ දී ගෑස් සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වන බවයි.

එක් මාසයකට අවශ්‍ය කරන ගෑස් ආනයනය සඳහා සිය සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් නමුත් මේ වන විට එම මුදල සපයා ගැනීම බරපතල අර්බුදයක් බවට පත් වී ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති ගෑස් නෞකාවට මුදල් ගෙවීම ඉදිරි දින කිහිපයේදී කිරීමට හැකි බවත් ඉන් අනතුරුව ගෑස් ආනයනය කිරීම සඳහා ආයතනයට ශක්තියක් නොමැති බවත් ඔහු කියා සිටියා.

මෙරට දෛනික ගෑස් පරිභෝජනයෙන් 80% ක ප්‍රමාණයක් ආවරණය කරනු ලබන්නේ රජයට කොටස් හිමි ලිට්රෝ සමාගම විසින්.

කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා ගෑස් ලබා ගැනීමේ අභිප්‍රායෙන් දීර්ඝ ගෑස් පෝලිම් නිර්මාණය වී ඇතත් එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සමාගමට නොහැකි වී ඇත්තේ ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැතිවීම හේතුවෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top