ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම පිළිගනියි
Friday, 10 June 2022 - 17:08 | Views - 288
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් මැතිවරණ කොමිසමට යොමු කළ ධම්මික පෙරේරාගේ නම එම කොමිසම විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව එය ගැසට් කිරීමට අනුමැතිය ලබාදුන් බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.

අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ව්‍යවස්ථාවේ 99(අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තෝරා පත්කර ගන්නා ද බැසිල් රෝහණ රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය සඳහා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (5) වගන්තිය ප්‍රකාරව කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා පත් කර ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

මේ අතර ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසට නම් කිරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට යොමුකර තිබෙනවා.  



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top